පයාගල පුද්ගලයෙකු ඝාතනය කරලා – සැකපිට පුතත් බිරිඳත් අත්අඩංගුවට

පයාගල, හල්කඳවිල ප්‍රදේශයේ නිවසක් තුළදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

නිවසේ අති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය පැවසීය.

මියගොස් ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ පුතා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

පයාගල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.