රට ඉදිරියට නොයන හේතුව ජනපති පහදයි

රට ඉදිරියට ගෙන යාමට නොහැකි වී ඇත්තේ දූෂිත දේශපාලඥයින් නිසා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ වැල්ලවාය නගරයේ ඊයේ (19) පැවති ජන හමුවක් අමතමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධාන කරන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් අද පැවැත්වුණේ වැල්ලවාය නගරයේදීයී.

රටේ බලයත් ගමේ බලයත් නිදහසට තේමා කරගත් ජනරැළිය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඇතුළු පක්ෂයේ මැතිඇමතිවරුන් රැසක් එක්ව සිටියේය.

පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනරැළියට සහභාගි වන අවස්ථාවේ රැස්ව සිටි පිරිසෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමක්.