අපරාධකරු පසුපස පැයක් පොලිසිය පන්නලා අල්ලගත්ත හැටි

ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේදී සිදුවූ මෙම සිදුවීමට අදාල පුද්ගලයා වන්නේ 31 හැවිරිදි මිචල් තිමොති ඔහු මාර්ග නීති උල්ලංඝණය කිරීමට එරෙහිව පොලිසිය විසින් වාහනය නතර කරන ලෙස සිදුකල සංඥා මගහරිමින් විශාල විනාශයක් සිදු කරන අයුරු මෙම රොයිටර් රූපරාමු පෙළින් දිස් වෙනවා. පැයකට අධික කාලයක් පොලිසිය ඔහුව ලුහුබැඳ සිදුකල මෙහෙයුමකින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර, වාසනාවට මෙම අනතුරින් කිසිවෙකුට ජීවිත හානි සිදුවී නොමැති බවට වාර්තා වෙනවා.