මාස 16 බිළිඳා ඝාතනය කළ 19 හැවිරිදි මව

මාස 16ක් වයසැති සිය බිළිඳා ඝාතනය කළ 19 හැවිරිදි මවක් ඇමරිකාවේ, හූස්ටන් හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජලය පිරවූ බේසමක ගිල්ලවා තම බිළිඳා මෙලෙස ඝාතනය කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මෙම කාන්තාව සිය බිළිඳා සමඟ රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටියදී පසුගිය සෙනසුරාදා මෙම අපරාධය සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර මව පොලිසියට පවසා ඇත්තේ දරුවා නාවන අවස්ථාවේදී දරුවා බේසම තුල ගිලී මියගිය බවටයි.

කෙසේ වෙතත් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී තමන් දරුවා ඝාතනය කළ බවට පාපොච්චාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඝාතනය සිදුකිරීමට පසුදින රාත්‍රිය මුළුල්ලේම බිළිඳා හැඬූ බවත් එයට කෝප වී තමන් විසින් මෙම අපරාධය සිදුකළ බවට ඇය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු 19 හැවිරිදි තරුණ කාන්තාව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

සැකකාර 19 හැවිරිදි මව