සිරියාවේ මෙහෙයුම්වලදී තුර්කි හමුදාවට දැඩි ප්‍රහාරයක්

උතුරුදිග සිරියාව තුළ කුර්දි සටන්කාමීන්ට එරෙහිව මෙහෙයුම් ආරම්භ කර ඇති තුර්කි හමුදා සිය මෙහෙයුමේ බරපතළම දිනය වාර්තා කර තිබේ.

ඒ අනුව, අෆ්රින් පළාතේ සිදුකරන මෙහෙයුම්වලදී ඔවුන්ගේ යුද ටැංකියකට සටන්කාමීන් විසින් එල්ල කරනලද ප්‍රහාරයක් හේතුවෙන් තුර්කි හමුදා සෙබලු 5ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම ප්‍රහාරයෙන් පසුව තුර්කි අගමැති බිනාලි යිල්ඩ්රිම් අවධාරණය කර සිටියේ මෙම ප්‍රහාරය වෙනුවෙන් දෙගුණයක් ඉක්මවන ප්‍රති ප්‍රහාරයක් බලාපොරොත්තු විය යුතු බවයි.

ඒ සමගම තුර්කි ප්‍රහාරක යානා යොදා ගනිමින් කුර්දි සටන්කාමීන් ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

තුර්කියේ මෙම නවතම මෙහෙයුම පසුගිය ජනවාරි 20 වැනිදා ආරම්භ වූ අතර, එය අෆ්රින් පළාතේ වයි.පී.ජී. කුර්දි සටන් කාමීන් ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන්නකි.