Author Archives: admin

විල්පත්තුව රැකගන්න ජනපති රුසියාවේදී ගැසට් නිවේදනයකට අත්සන් තබයි

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලූම රක්ෂිත වනාන්තර එක්කර තනි සංරක්ෂිත වනාන්තරයක් ලෙස. නම් කර තිබෙනවා. ඒවා නම් කර ඇත්තේ මාවිල්ලූ සංරක්ෂිත වනාන්තරය ලෙසයි. ඊට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් රුසියාවේ මොස්කව් නුවර දී අද (24) අත්සන් තබනු ලැබුවා.

ප‍්‍රකාශිත සංරක්ෂිත වනාන්තරයේ මායිම් වෙනස් කිරීමක් සිදු කළ යුතු වන්නේ නම් එය කළ හැක්කේ විෂයභාර අමාත්‍යවරයාගේ නියමයක්, ජනාධිපතිවරයා අනුමත කර පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබීමෙන් පසුවයි. ඒ අනුව නම් කරන ලද නව සංරක්ෂිත වනාන්තරය සඳහා උපරිම නීතිමය ආවරණය ලැබී එහි ආරක්ෂාව තවදුරටත් තහවුරු වනු ඇති.

විල්පත්තු වනෝද්‍යානය හා ඊට යාබද වනාන්තර අනවසරෙයන් එළිපෙහෙලි කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ද සිදු කෙරුණා. එහිදී අනාවරණ වී ඇත්තේ 2012 – 2013 වසරවල දී මුදාහැර ඇති වනාන්තර ඉඩම්වලට අමතරව වෙනත් වනාන්තර හෙළි කිරීමක් සිදුව නොමැති බවයි.

ජාත්‍යන්තරයේදී රුසියාවේ සහාය ශ්‍රී ලංකාවටයි

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය හා සෛවරීභාවය ආරක්ෂා කිරිම වෙනුවෙන් රුසියාව සෑම අවස්ථාවකදිම ශ්‍රී ලංකාව සමග සිටින බවත් අවශ්‍ය සෑම. අවස්ථාවකදීම ජාත්‍යන්තර තලයේදීත් ශ්‍රී ලංකාවට සහාය දැක්විමට රුසියාව සූදානම් බව රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඉගෝර් මොගියුලොව් මහතා පැවැසීය. රුසියාවේ සංචාරයක නිරත … read more

ජනපති රුසියන් අගමැති හමුවෙයි

රුසියානු ජනපතිගේ ආරාධනාවකට අනුව රුසියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(24 දා) රුසියානු අගමැති. දිමිත්‍රි මෙද්වදේව් මහතා හමුවූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි. මේ සඳහා අමාත්‍යවරුන් වන මංගල සමරවීර, එස්.බී. නාවින්න, මහින්ද සමරසිංහ, සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් අමරතුංග, … read more

UN යෝජනාවට TNA ප්‍රසාදය

ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කිරීම, වගවීම හා මානව හිමිකම් සම්බන්ධයෙන් 2015 දී සම්මත කරගත් යෝජනාව පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය නැවත වරක් සනාථ කරමින්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය මඟින් සම්මත කරන ලද යෝජනාවට දෙමළ ජාතික සන්ධානය ප්‍රසාදය පළ කර … read more

රතුපස්වල වෙඩි තැබීමට සැකපිට හමුදාවේ 3 ක් අත්අඩංගුවට

රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලු ගම්වාසීන්ට වෙඩි තබා තිදෙනකු මරා දැමීමේ සිද්ධියට සැකපිට යුද හමුදා සාමාජිකයන් තිදෙනකු අද(24) අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි. මේ අතර යුද හමුදා සැරයන්වරු දෙදෙනෙක්ද සිටිති. සැකකරුවන් අද සවස ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. … read more

පස්සර සූකර උණ වසංගතයක් – රෝගීන් 40 ක් හමුවෙයි

පස්සර ලුණුගල ප්‍රදේශය පුරා සූකර උණ රෝගය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් රෝගීන් 40 දෙනෙකු පමණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් 300කට අධික සංඛ්‍යාවක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගෙන තිබෙන බවත් ලුණුගල රෝහලේ දිස්ත්‍රීක් වෛද්‍ය නිලදාරී වෛද්‍ය අබේකෝන් මහතා පැවසීය. මෙලෙස … read more

සංචාරකයන් ලක්ෂ 2ක් ශ්‍රී ලංකාවේ රැකියාවල

සංචාරක වීසා මත ශ්‍රී ලංකවට පැමිණි විදේශකියන් ලක්ෂ 2ක් පමණ ශ්‍රී ලංකාවේ විවිධ රැකියාවල නිරත වන  බවත් ඒ පිළිබඳව. රජයේ අවධානය යොමුවිය යුතු බවත් බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.ඒ පිළිබඳව තමන් ජනපති මෛත්‍රීපාල සිරිසේන … read more

අවුරුද්දට නෑගම් යන්න ලංගමයෙන් බස් සේවාවක්

එළඹෙන සිංහල අලුත් අවුරුදු සමයේ මහජනතාවගේ ගමන් බිමන් පහසුව සඳහා අප්‍රේල් 06 වන දා සිට 25 වෙනිදා දක්වා අතිරේක දුර වාර සේම කෙටිදුර ගමන් වාර රැසක් ක්‍රියාත්මක කිරීමට ලංගමය සැලසුම් කොට ඇතැයි ලංගම සභාපති රමල් සිරිවර්ධන මහතා කියයි. මෙහිදී තම … read more

ඇමතිවරු 9 කට වාහන ගන්න කොටි 37 ක්

ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් නව දෙනෙකු සඳහා නව වාහන මිලදී ගැනිමට රුපියල් තිස්හත් කෝටි දසලක්ෂ අනුහත් දහසක මුදලක් ඉල්ලා පාර්ලිමේන්තුවේ පරිපුරක ඇස්තමේන්තුවක් අද (24) ඉදිරිපත් කැරිණි. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙය ඉදිරිපත් කරන ලදි. read more

ඉස්සර විතරක් නෙවෙයි අදත් හොරු ඉන්නවා

පසුගියකාලයේ මෙන්ම අදත් රටට විනකටින පුද්ගලයින් සිටින බැවින් ඔවුන්ගෙන් රට ආරක්ෂා කරගත යුතු බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද (24) පෙරවරුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක නිලධාරීන්ගේ විසිර යෑමේ උත්සවයට එක්වෙමිනි. … read more