Author Archives: admin

පොලිස්පති විශ‍්‍රාම යයි

පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා අද (11) සිය ධුරයෙන් විශ‍්‍රාම ගැනීමට නියමිතයි. ඒ අනුව පොලිස්පතිවරයා වෙනුවෙන් පවත්වනු ලබන විශේෂ උත්තමාචාර පෙළපාලිය පොලිස් ක්‍ෂේත‍්‍ර බලකා මූලස්ථාන කි‍්‍රඩාංගණයේදි අද (11) පස්වරුවේ පැවැත්වෙනවා. මේ අතර නව පොලිස්පතිවරයා තෝරාපත්කර ගැනීම සඳහා තිදෙනෙකුගේ නම් ජනාධිපතිවරයා … read more

ගිණුම් කාරක සභාවෙන් කෝටි 126 කට වැට බඳීයි

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන යාම සඳහා රුපියල් කෝටි 126කට අවුරුදු 05ක් සඳහා ගොඩනැගිල්ලක් කුලියට ලබාගැනීම, අනුමත කිරීම රාජ්‍ය ගිණුම්කාරක සභාව විසින් ප‍්‍රතික්ෂේප කර ඇති බවට වාර්තා වේ. රාජගිරිය ප‍්‍රදේශයෙන් අදාළ ගොඩනැගිල්ල කුලියට ලබාගැනීමට සැලසුම් කර තිබී ඇති අතර, වසර 05ක් … read more

ජාතික හා ආගමික සංහිඳියාව ශක්තිමත් කරනවා – ජනපති

ජාතික හා ආගමික සංහිඳියාව තවදුරටත් ශක්තිමත් කැරමින් පුළුල් ජාතික සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන බව. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (10) මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශීර්වාද ලබාගැනීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් කීවේය. නව වසර නිමිත්තෙන් රටේ ඉදිරි … read more

සිසුවෙක් නිසා පුද්ගලයෙක් මියයයි

රියදුරු බලපත‍්‍රයක් නොමැති වයස අවුරුදු 18ක සිසුවෙකු විසින් පදවන ලද ති‍්‍රරෝද රථයක ගැටීමෙන් හංවැල්ල කලුඅගල්ල ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් අදාළ සිසුවා අත්අඩංගුවට ගෙන ඇතැයි හංවැල්ල පොලීසිය ප‍්‍රකාශ කළා. රියදුරු බලපත‍්‍ර නොමැති පාසල් වයසේ පසුවන සිසුන් අතින් සිදු … read more

වරායේ මාරාන්තික උපවාසයක්

සිය ඉල්ලීම් දිනා ගැනීම සඳහා මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව වරාය එ්කාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එහි සම කැඳවුම්කරු ප‍්‍රසන්න කළුතරගේ මහතා සඳහන් කළේ තම ගැටලුවලට විසදුම් ලබාදීම සඳහා ජනාධිපතිවරයා හෝ අග‍්‍රාමාත්‍යවරයා වහා මැදිහත් විය යුතු බවයි. වරාය හා නාවික … read more

ආණ්ඩුව ඉඳහිටලා හොඳ වැඩ කරනවා – මහින්ද කියයි

මේ ආණ්ඩුව ඉඳහිටලා හොඳ වැඩක් කරන බවත්,පසුගියදා අග්‍රාමාත්‍යවරයා චීනයට ගොස් සබඳතා තර කර ගැනීමට කටයුතු කිරීම හොඳ වැඩක් බවත්. හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. චීනය සමග තරහ නොවී සුහදව කටයුතු කළ යුතු බව තමන් නිතරම පෙන්වා දුන් බව … read more

තෙල්දෙණියේ කරාබු හොරෙක්

නිවසක තිබූ කරාබු ගෝනි අටක් සොරකම් කළ පුද්ගලයෙකු තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. කරල්ලියද්ද, පහළගම්මැද්ද පදිංචි ව්‍යාපාරිකයෙකු කරාබු වියළා අලෙවි කිරීමේ කටයුතු කරන අතර ඔහුගේ නිවසේ තිබුණු කිලෝ ග්රෑම් 250ක් බරැති කරාබු ගෝනි අටක් කිසිවෙකු විසින් සොරකම් කොට තිබේ. … read more

වරාය සේවකයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග

වරාය කටයුතු වලට බාධා වන අයුරින් ක්‍රියා කරන වරාය සේවකයින් සියළුදෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. එම අධිකාරියේ කළමනාකරණ අධ්‍යක්ෂ සරත් කුමාර ප්‍රේමචන්ද්‍ර මහතා පවසන්නේ ප්‍රසාද දීමනා වැඩිකරන ලෙස ඉල්ලා වරාය පරිශ්‍රයේ ක්‍රියාත්මක වන්නේ වෘත්තීය … read more

වීරඹුගෙදර අනතුරකින් කාන්තාවක් මරුට

කුරුණෑගල – මීගමුව මාර්ගයේ වීරඹුගෙදර ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක මියගොස් තිබේ. මාර්ගය හරහා ගමන්ගත් පදික කාන්තාවක් ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය. මියගොස් ඇත්තේ උහුමීය ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි කාන්තාවකි. අනතුර සම්බන්ධයෙන් ටිපර් … read more

පාකිස්ථානයේ ප්‍රභල භූ චලනයක්

පාකිස්ථානයේ ප්‍රභල භූ චලනයක් ඇවූ බව වාර්තා වනවා. මෙම භු කම්පනය රිච්ටර් මාපකකාංක 6.8ක් ලෙස වාර්තා වි තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. මෙි බලපෑම උතුරු ඉන්දියාවටද බලපා ඇති බවයි වාර්තා වන්නේ. read more