Business

රුපියල 161.54ට යයි

ඉතිහාසයේ පහළම අගය වාර්තා කරමින් ශ්‍රී ලංකා රුපියල ඊයේ (16) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 161.54ක් දක්වා පහළ ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (16) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 161.54 ක් වූ අතර ගැනුම් අගය 158.34ක් විය.

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව පසුගිය ජූනි මස (18) වැනිදා ශ්‍රී ලංකා රුපියල 161 ඉක්ම වීය.

ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන ආර්ථික දත්තවලට අනුව මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට අගෝස්තු 10 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.5කින් අවප්‍රමාණය වී තිබේ.

මේ අනුව රුපියල මෙතරම් අගයකට පහත වැටුණු පළමු අවස්ථාව මෙය විය. ඉකුත් පෙබරවාරි මස පැවැති පළාත් පාලන ඡන්දයෙන් පසු දේශපාලන ක්ෂේත්‍රයේ ඇති වූ අස්ථාවරත්වයත් සමඟ රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වෙමින් තිබේ.

ගෝලීය වෙළෙඳපොළ තුළ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වෙමින් තිබෙන බවත් ඊට සාපේක්ෂව අනෙක් රටවල මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව මේ මස ආරම්භයේදී සඳහන් කළේය. අනෙක් රටවල මුදල් ඒකක අවප්‍රමාණය වීමට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇත්තේ අඩු වේගයකින් බව ද මහ බැංකුව සඳහන් කළේය.

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අනෙක් රටවල මුදල් ඒකක ඉතා වේගයෙන් අවප්‍රමාණය වෙමින් තිබෙන ඉන්දීය රුපියල අඟහරුවාදා (14) වාර්තාගත අයුරින් 70.1ක් දක්වා පහළ වැටුණු බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන රුපියල මේ වසර අවසන් වනවිට ඩොලරයට සාපේක්ෂව 163ත් 165ත් අතර අගයක් දක්වා පහත වැටෙනු ඇතැයි ගනුදෙනුකරුවන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මීට පෙර අවස්ථාවකදී වාර්තා කර තිබිණි.

“ගෝලීය ප්‍රවණතා හේතුවෙන් රුපියල පීඩනයකට ලක්ව තිබෙනවා. එය රුපියලට පමණක් විශේෂ තත්ත්වයක් නෙමෙයි. ගෝලීය ප්‍රවණතා හේතුවෙන් තමයි මේ තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ. ඩොලරයට සාපේක්ෂව ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙනවා” යැයි රොයිටර් පුවත් සේවයට අදහස් දැක්වූ ගනුදෙනුකරුවකු මීට පෙර පවසා තිබිණි.

More from Business

ලංකාව හා ඕමානය අතර බදු සම්බන්ධ ගිවිසුමක්

ඕමානය හා ශ්‍රී ලංකාව අතර අර්ථික සහයෝගීතාව වර්ධනය කිරීමට අදාළව දෙරට අතර බදු නිදහස් කිරීම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඒ අනුව පොලී, රාජ්‍ය භාග හා ලාභාංශ සහ නැව් සේවා මත ලාභ … read more

ලංකාව සමග ගනුදෙනු කිරීමේදී රුපියල භාවිත කිරීමට ඉරානය කැමැත්තෙන්

ඇමෙරිකානු ආර්ථික සම්බාධක ඉදිරියේ ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කිරීමේදී රුපියල භාවිත කිරීමට ඉරානය කැමැත්ත පළකර ඇතැයි ඊයේ (14දා) පැවැති අමාත්‍ය මණ්ඩලයට කරුණු වාර්තා විය. අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩලයට දැනුම් දෙනු ලැබීය. ශ්‍රී ලංකාව ප්‍රධාන … read more

කලාකරු-ගත්කතුවර බද්ද සියයට 5කින් පහළට

මාසයකට රුපියල් පනස්දහසකට වඩා වැඩි ආදායමක් ඉපැයූ කලාකරුවන්ගෙන් හා ගත්කතුවරුන්ගෙන් පසුගිය රජය අය කළ සියයට10ක ආදායම් බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි සියයට 5ක මට්ටමකට අඩුකිරීමට රජය තීරණය කොට තිබේ. රජය ගනු ලැබූ නව තීරණයත් සමඟ කලාකරුවන්ට හා ගත්කතුවරුන්ට විශාල සහනයක් … read more

අමෙරිකාවෙන් ඩො මි 39ක්

ඇමෙරිකානු විදේශීය ආරක්ෂක මූල්‍ය සහයෝගීතාව යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 39ක් ලබාදීමට. ඇමෙරිකාව කටයුතු කරන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවෙදනය කරන්නේ ශ්‍රී ලංකාවේ මානුෂීය ආධාර හා ආපදාකළමනාකරණ කටයුතු වෙනුවේන මෙම මුදල් යොදා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී … read more

IOC ඉන්ධන මිලත් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ නංවන බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පවසයි. ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට යළිත් වරක් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන වර්ග දෙකක මිල ඉහළ නැංවීමට මුදල් … read more

මාස පහට ටැක්ස් ෆයිල් 287821ක් විවෘත වෙයි

මේ වසරේ මාස පහක් තුළ අලුතින් සෘජු බදුගොනු 287821ක් විවෘත කිරීමට හැකි වූ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය. වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ අවස්ථාවට එක්වෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මේ වසරේ ජනවාරි මස … read more

පළමු කාර්තුවේ රාජ්‍ය ආදායම රු.බි. 469යි – වියදම 403

රජය මගින් 2018 මූල්‍ය වර්ෂයේ පළමුවන කාර්තුව තුළ රුපියල් බිලියන 403ක් වියදම් දරා ඇති අතර, (රාජ්‍ය ණය සේවාකරණය හැර) එය එම කාර්තුවේ ඉලක්කගත වියදමෙන් 91ක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවක දැක්වේ. රජය විසින් එම … read more

වාහන මත පැනවූ අතිරේක බද්ද ඉක්මනින්ම ඉවතට

අසීමිත ලෙස වාහන අලෙවිය හේතුවෙන් විදේශයන්ට මෙරටින් ඇදී යන මුදල් ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ යාම පදනම් කර ගනිමින් එන්ජින් ධාරිතාව දහසට අඩු වාහනවලට විශේෂ බද්දක් පැනවීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා. මෙය තාවකාලික ක්‍රියාමාර්ගයක් පමණක් … read more

සම්බා සහල්, කුකුළු මස් හා බිත්තර සඳහා පාලන මිලක්

සම්බා සහල්, කුකුළු මස් හා බිත්තර මිල දිගින් දිගටම ඉහළ යෑම හේතුවෙන් ඒ සඳහා පාලන මිලක් ක්‍රියාත්මක කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ.කෙසේ වෙතත් ඒ ක්‍රියාත්මක වන පාලන මිල ගණන් පිළිබඳව අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැත. read more