Business

උඩරට එළවළු ගණන් උස්සයි

කන්ද උඩරට ප්‍රදේශවලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන කැරට්, බෝංචි, මාළු මිරිස්, ලීක්ස්, කිලෝවක තොග මිල රුපියල් 320 දක්වා ඊයේ (31දා) පස්වරුවේ ඉහළ ගිය බව වෙළෙන්දෝ පවසති. පසුගිය දිනවල පැවැති  ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන එළවළුවල ප්‍රමාණය අඩු වීමත් … read more

ප්‍රථම වරට බඩඉරිඟු සඳහා සහතික මිලක්

ශ්‍රී ලංකාවේ බඩඉරිඟු වගාව විධිමත් කිරීමට හා බඩඉරිඟු සඳහා සහතික මිලක් ලබාදීම කෙරෙහි කෘෂිකර්ම අමාත්‍යාංශය අවධානය යොමු කර ඇත. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධව සාකච්ඡාවක් පැවති අතර එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, රටේ බඩඉරිඟු වගාව මේ වන විට ගොවීන් … read more

ASUS සිංගර් ශ්‍රී ලංකා හා එක්වෙයි

ලොව ප්‍රකට ASUS නෝට්බුක් ශ්‍රී ලංකාවේ බෙදාහැරීම් නියෝජිතයා ලෙස සහ එකම Large Format Retailer වශයෙන් කටයුතු කිරීමට සිංගර් ශ්‍රී ලංකා පත්කරනු ලබයි ASUS ලැප්ටොප් හි නවතම නිෂ්පදාන පෙළක් එළිදැක්වීම සඳහා පසුගියදා කොළඹදී පැවති උත්සවයකදී මෙම වෙළඳ සහයෝගීතාව පිළිබද නිල වශයෙන් … read more

ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ජුනි මැද වනවිට ඇ.ඩොලර් බිලියන 11 ක්

මේ වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 9.1 මට්ටමේ පවතින ශ්‍රී ලංකාවේ දළ විදේශ සංචිතය ජුනි මාසයේ මැද වන විට ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 11 පමණ ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කෙළේය. මේ … read more

කෘෂිරක්ෂණාවරණ සහතිකපත් ලබාදීම අද සිට

කෘෂි රක්ෂණ වැඩපිලිවෙල යටතේ මෙවර වගා කන්නයට අදාල කෘෂි රක්ෂණාවරණ සහතිකපත් ගොවීන්ට ලබාදීම අද සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඒ් අනුව ගොවි ජනතාවගෙන් මෙතෙක් වාර්ෂිකව රුපියල් 1375ක මුදලක් අයකරගෙන ලබා දුන් රක්ෂණාවරණය කිසිදු මුදලක් අයකරගැනීමකින් තොරව ලබාදීමටයි තීරණය … read more

ඕස්ට්‍රියාවෙන් පොලී රහිත ණයක්

* සෞඛ්‍යයට මිලියන 1810යි * උසස් අධ්‍යාපනයට 900යි ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයේ උන්නතිය සඳහා රුපියල් මිලියන 1810 ක මුදලක් ද, උසස් අධ්‍යාපන අංශයේ නවීකරණ කටයුතු සඳහා රුපියල් මිලියන 900 ක මුදලක් ද ලෙස රුපියල් මිලියන 2710 ක පොලී රහිත ණය … read more

වර්ෂාව සමග එළවළු මිල යළි ඉහළ යයි

වෙළඳපොලේ එළවළු මිල ගණන් යළිත් ඉහළ ගොස් ඇතැයි දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය පවසයි. එහි කළමණාකරණ භාරය සඳහන් කළේ මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වර්ෂාපතනයත් සමඟ එළවළු මිල ගණන් සියයට 40 කින් පමණ මෙලෙස ඉහළ ගොස් ඇති බවයි. කැරට්, බෝංචි, ගෝවා, මාළු මිරිස් … read more

රුපියල තවත් පහලට

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.55 ක් දක්වා අද (17) පහළ ගියේය. රුපියලේ විකුණුම් අගය මෙතරම් දුරට පහත වැටුණු පළමු අවස්ථාව මෙය වූ අතර මැයි මස 11 වැනිදා ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් රුපියලේ අගය 159.29ක් ලෙස දැක්විණි. … read more

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්

දියවැඩියාව, හෘද රෝග, පිළිකා ඇතුළු බෝ නොවන රෝග අවම කිරීම සඳහා ලෝක බැංකුව මඟින් අමෙරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා දී ඇත. මෙරට ජනතාව අතර පවතින බෝ නොවන රෝග වළක්වාලීමේ අරමුණෙන් එම මුදල් ද භාවිතා කරමින් … read more

කිරිපිටි මිලත් වැඩිවෙයි

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 20කින් හා කිලෝග්‍රෑම් එකක කිරි පිටි පැකට්ටුවක. මිල රුපියල් 50කින්ද වැඩි කිරීමට ජීවන වියදම් කමිටුව ඇනුමැතිය දී ඇත. read more