Foreign

ට්‍රම්ප්ගේ තීරණය ශ්‍රී ලංකා – පලස්තීන මිත්‍රත්ව සංගමය හෙළාදකී

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසෙලම පිළිගැනීම හෙළා දකින බව ශ්‍රී ලංකා – පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පවසයි.

එම සංගමයේ සභාපති අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම තීරණය සාමයට හා ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි ලෙස ආදරය කරන මිනිසුන් විසින් හෙළා දකින අතර එය ඒකපාර්ශවීය හා හිතුවක්කාරී ලෙස ගනු ලැබූ තීරණයක් බව අදාළ නිවේදනයෙන් පෙන්වා දී ඇත.

එමෙන්ම මෙය මැදපෙරදිග කලාපයට ගැටළුකාරී තත්ත්වයක් මතු කරන තීරණයක් බව ශ්‍රී ලංකා – පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පවසයි.

පලස්තීනය නිදහස් රාජ්‍යය ලෙසත් ජෙරුසෙලම එහි අගනගරය ලෙස පෙර සිටි ස්ථාවරයේ තවමත් සිය සංගමය සිටින අතර රටවල් 140 ක මතය ද එය බව එම සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදරටත් සඳහන්ය.

More from Foreign

ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනය උණුසුම් වී

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනගරය ලෙස පිළිගැනීමත් සමග බටහිර ඉවුර හා ගාසා තීරයේ පලස්තීනු ජනතාව වීදි බැස උද්ඝෝෂණ කරමින් වර්ජනයකට එළඹ ඇති බව විදෙස් වාර්තා පවසයි. මෙම උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා බටහිර ඉවුර වෙත අමතර හමුදා භටයන් … read more

ඇමෙරිකානු බී-1බී ප්‍රහාරක යානා ද.කොරියානු අහසේ

ඇමෙරිකා එක්සත් ජනපදය හා දකුණු කොරියාව එක්ව පවත්වන ගුවන් හමුදා ඒකාබද්ධ අභ්‍යාසය එදාමෙදා තුර දෙරට එක්ව පවත්වන දැවැන්තම ගුවන් ඒකාබද්ධ අභ්‍යාසය සේ සැලකෙයි. මෙම අභ්‍යාසය සිදුවන අතරවාරයේදී ඇමෙරිකාවට අයත් බෝම්බ හෙලන යානා අතර ප්‍රබලතම යානාව වන බී-1බී යානය දකුණු කොරියාවට … read more

ජරමනියේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී 50ක් තුවාලයි

ජර්මනියේ, ඩූසල්ඩොෆ් ප්‍රදේශයේදී මගී ප්‍රවාහන දුම්රියක් හා භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 50 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. ලැබෙන වාර්තාවන්ට අනුව මීර්බුෂ් ගම්මානය ආසන්නයේදී මෙම දුම්රිය අනතුර සිදුව ඇති අතර, දුම්රියේ සිරවී සිටින කාර්ය මණ්ඩලය ඉන් ඉවතට ගැනීම ප්‍රමුඛ කාර්ය … read more

ද.කොරියාවේ බෝට්ටු අනතුරකින් 13ක් නසී

දකුණු කොරියාවේ මගී ප්‍රවාහනය කළ ධීවර බෝට්ටුවක් හා ටොන් 336ක් පමණ බර ඉන්ධන පිරවුම් නෞකාවක් එකිනෙක ගැටීම හේතුවෙන් ධීවර බෝට්ටුවේ ගමන් කළ පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. දකුණු කොරියානු වෙරළාරක්ෂක නිලධාරීන්ට අනුව තවත් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති අතර, සෝදිසි … read more

දිල්ලි රෝහලේදී උපත ලැබූ මියගිය දරුවාට යළි පණ එයි

අලුත උපන් බිළිඳා මියගොස් ඇති බව ඉන්දියාවේ දිල්ලි රෝහලක් පැවසීම හේතුවෙන් දරුවාගේ අවසන් කටයුතු කිරීමට සූදානම් වන අවස්ථාවේදී දරුවා යළි ප්‍රකෘති තත්ත්වයට පැමිණි පුවතක් වාර්තා වෙයි. දිල්ලි නුවර පෞද්ගලික රෝහලක් ලෙස සැලකෙන මැක්ස් රෝහලකදී සිදුවූ නිවුන් දරු උපතකදී දෙවැනි දරුවා මියගොස් … read more

පාකිස්තාන කෘෂි විද්‍යාලයකට තලේබාන් ත්‍රස්ත ප්‍රහාරයක්

පාකිස්තානයේ, පේෂාවර් හි කෘෂි විද්‍යායතනයකට ඇතුළු වූ තලේබාන් ත්‍රස්තයන් තිදෙනෙකු සිදුකළ ප්‍රහාරයකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 36 දෙනෙකු තුවාල ලබා තිබේ. බුර්කාවන්ගෙන් සැරසී මෙම ප්‍රහාරකයන් පේෂාවර් කෘෂි පුහුණු විද්‍යායතනයට ඇතුළු වී ඇති අතර, පසුව පාකිස්තාන හමුදා සිදුකළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් … read more

උතුරු කොරියාව සමග සියලු සබඳතා අත්හරින්න -ඇමෙරිකාව

උතුරු කොරියාව සිය නවතම මිසයිල අත්හදා බැලීම හේතුවෙන් ඔවුන් සමග සියලු රටවල් සිදුකරන රාජතාන්ත්‍රික හා වෙළෙඳ ගනුදෙනු නවතා දමන ලෙස ඇමෙරිකාව ඉල්ලීමක් සිදුකර තිබේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අමතමින් ඇමෙරිකානු නියෝජිතවරිය වූ නිකී හේලි පවසා සිටියේ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් … read more

ජිහාඩ් ප්‍රේමය නිසා ඉන්දීය සමාජය කැලඹෙයි

හින්දු කාන්තාවන් නොමග යවා ඔවුන් ඉස්ලාම් දහමට හරවා ගැනීමේ කුමන්ත්‍රණයක් ඉන්දියාවේ මුස්ලිම් පුරුෂයන් යෙදී ඇති බවට එරට හින්දු සංවිධාන චෝදනා කර තිබේ. බී.බී.සී.ය වාර්තා කරන ආකාරයට මෙම සංවිධාන විසින් මෙම තත්ත්වය හඳුන්වා ඇත්තේ ජිහාඩ් ප්‍රේමය නමිනි. මුස්ලිම් පුරුෂයෙකු සමග විවාහ … read more

ඔස්ට්‍රේලියානු ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාර සැලසුමක් ව්‍යර්ථ වේ

ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර නව අවුරුදු උදාව සැමරෙන රාත්‍රියේදී ත්‍රස්ත ප්‍රහාරයක් සිදුකිරීමට සැලසුම් කළ 20 හැවිරිදි ජිහාඩ් අන්තවාදියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ස්වයංක්‍රීය ගිනි අවියක් යොදාගෙන නව අවුරුදු උදාව සැමරීමට සූදානමින් සිටි පිරිස් වෙත විවෘත වෙඩි තැබීමක් සිදුකිරීමට මොහු සැලසුම් කර ඇති … read more