Gossip

චම්පා කල්හාරි එක් තැන් වෙයි

චම්පා කල්හාරි කියන්නේ කුඩා වියේ සිටම සිය ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු කරගත් ගායන ශිල්පිනියක්. චම්පාගේ ගායන දිවියේ මෙන්ම පෞද්ගලික දිවියේද අලුත්ම තතු විටින් විට පාඨක ඔබ වෙත ගෙන ආ අපි මෙවර නම් ඇය ගැන මේ කියන්නට සූදානම් වන්නේ එතරම් සුබ ආරංචියක් නමෛයි.

ඔබව එක්තැන් කළ මේ හදිසි අනතුර සිදුවුණේ කොහොමද?
මේ සිදුවීමට මම මුහුණ දුන්නේ පහුගිය මාසේ 29 වැනිදා. මැයි 27 වැනිදාට තමයි මගේ පුතාගේ උපන් දිනය යෙදිලා තිබුණේ. මේ අනතුර වෙන්න මොහොතකට කලින් මම ප්‍රාර්ථනාවක් කළා. මගේ පුතාට නම් කිසිම කරදරයක් වෙන්න එපා මොනවා හරි නරක දෙයක් වෙන්න තියෙනවා නම් ඒක මගේ පිටින් යන්න කියලා එහෙම හිතලා වැඩි වෙලාවක් ගතවෙන්න කලින් ගෙදර පඩි පෙළෙන් බහිද්දී මාව බිමටම ඇදගෙන වැටුණා.

ඊට පස්සේ?
කොළඹ ජාතික රෝහ‍ලේ හදිසි අනතුරු ඒකකයට තමයි අනතුර වූ වේලාවේ තමයි මාව ඇතුළත් කළේ දකුණු කකුල තැන් දෙකකින් කැඩිලා කියලයි. වෛද්‍යවරු කිව්වේ පැය 3කක ඔපරේෂන් එකකින් පස්සේ මගේ කකුලට ඇණ 14ප්‍ලේට්ස් දෙකක් දැම්මා. දැන් මම ගෙදරට වෙලා කකුල හොල්ලන්නෙවත් නැතිව ඉන්නවා.

ඒ කියන්නේ තනිවම ඇවිද ගන්නත් බැරි තත්ත්වයකයි ඔබ අද ඉන්නේ? ඒ අපහසුතා එක්ක කොහොමද ජීවිතේට මුහුණ දෙන්නේ?
මට දැන් මගේ වැඩ තනිවම කරගන්න අමාරුයි. රෝහල් ගත වෙලා සිටියදී ජාතික රෝහ‍ලේ වෛද්‍යවරු, හෙදියෝ ඇතුළු හැමදෙනාම රෝගාතුර වෙලා හිටපු මට පුදුමාකාර විදිහට සැලකුවා. ඔවුන් මට සලකපු ආකාරයෙන් විශාල මානසික සුවයක් මට ලැබුණා. මම දැන් පදිංචි වෙලා ඉන්නේ කොහුවල එපාර්ට්මන්ට් එකක. එය අයිති අය සහ අනෙක් නිවාසවල අය මා ගැන සොයා බලන විදිහ මට විශාල ශක්තියක්. මගේ කැත කුණු පවා ඒ අය අත ගෑවා. මගේ පවු‍ලේ අයත් මා ගැන සොයා බැලුවා. මම අසරණ වෙච්ච වෙලාවේ පිහිටට ආපු ඒ හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා. මා වෙනුවෙන් කරපු උදවු උපකාරවලට මොකද, ඒ අය හින්දා පුතා එක්ක මම තනි වුණේ නැහැ.

මේ සිදුවීමෙන් ඔබේ ගායන ජීවිතයටත් විශාල බලපෑමක් එල්ල වෙයි නේද?
මාස හයක් යන තෙක් දකුණු කකුල බිම තියන්න එපා කියලයි මට වෛද්‍ය උපදෙස් ලැබිලා තියෙන්නේ. මම ඉතින් අපාර්ට්මන්ට් එකේ උඩ තට්ටුවක. ඒ නිසා කවුරුහරි මාව ඔසවාගෙන තමයි ඉහළට පහළට ගෙනියන්න ඕනෑ. ගායනය තමයි මගේ එකම වෘත්තිය. කලින් බාරගෙන තිබුණු ප්‍රසංග මම අවලංගු කළා. ඒත් මේ මාසේ 26 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ප්‍රසංගයට සහ 28 වෙනිදා කුවේට්හිදී ආරම්භ වෙන ප්‍රසංග මාලාවට මම කොහොම හරි සහභාගි වෙනවා. ඊට පස්සේ විවේකයක් අරගෙන ඉක්මනින්ම සුවපත් වෙලා ආයෙමත් රසික රසිකාවියන් අතරට එන්නයි මම බලා‍පොරොත්තුවෙන් ඉන්නේ.

More from Gossip

අතුරුදහන්වූ කාන්තාවක් අවසානයේදී හමුවූ තැන (PHOTOS)

සිය ගෙවත්තේ පිහිටි වගා බිමේ වැඩකරමින් සිටියදී අතුරුදහන් වූ කාන්තාවකගේ සිරුරක් අඩි 23 ක් දිග දැවැන්ත පිඹුරෙක් විසින් ගිල දමා තිබියදී සොයා ගැනීමට පවුලේ ඥාතින්ට හා ගම්වැසියන්ට හැකිවූ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වනවා. ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කරන්නේ 54 හැවිරිදි මෙම කාන්තාව … read more

විශ්ව බලන්න පියුමිලා ගිහින් .! (PHOTOS)

නිරූපණ ක්ෂේත්‍රයේ ජාතික අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන විශ්ව පෙරේරා අසනීපව රෝහල් ගත කරන සිටිනවා. ඔහු රෝගී තත්වය පිලිබදව විමසීමට පියුමි හංසමාලි ඇතුලි නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනෙක් රෝහලට ගොස් තිබුනා. එම අවස්තාවේ ඡායාරූප පහතින්, read more

සිය ගණනක් නිරුවතින් පාපැදි සවාරියක් ගිය හැටි (Video)

පසුගියදා එංගලන්තයේ බ්‍රින්ටොන් හීදී අපූරු පාපැදි සවාරියක් පැවැත්වුනා. 500 කට අධික මෙම සවාරියට සහභාගී වෙලා සිටි අතර, සියළුම දෙනා නිරුවතින් පාපැදි සවාරියේ ගිහිං තිබුනා. 2007 වසරේ සිට වාර්ෂිකව පැවැත්වෙන මෙම පාපැදි සවාරියේ අරමුණ වන්නේ මං මාවත්වල පාපැදිකරුවන් ධාවනය කිරීමේදී ඇතිවන … read more

ජයට උපන්දිනය සැමරූ චන්දිමාල්ගේ ගෙරදට Income Tax එකෙන් පනියි

ලංකාවේ විශාලතම උපන්දිනය සැමරූ වේශනිරූපණ ශිල්පී චන්දිමාල් ජයසිංහගේ ගෙදරට Income Tax එකෙන් පැනපු බව චන්දිමාල් කියයි. එහිදී ඔහුගෙන් මෙම සාදය වෙනුවෙන් වියදම් කරපු මුදල් පිළිබඳ කරුණ විමසා ඇති අතර, ඒ සඳහා  අවශ්‍ය ලියකිවිලි ඔහු විසින් ඉදිරිපත් කර තිබේ. ඒ පිළිබඳව … read more

මට ලස්සන ඇඟක් තියෙනවා -ඒ නිසා කොහෙන් වුණත් පෙන්නගෙන අදින්න මට පුළුවන්

මේ දවස්වල මමයි, පියුමියි, අමායයි තමයි ගොඩාක් අයගේ මාතෘකාව. ලස්සන ඇඟවල් නැති, ලස්සන ඇඳුම් අඳින්න බැරි අය අපිව විවේචනය කරනවා. අපි නිළියෝ, අපි නිරූපිකාවෝ. අපිට ලස්සනට අඳින්න බැරිද ? ඒ ඇඳුම් ලස්සනයි කියලා ගොඩක් අය කිව්වා. චන්දිමාල්ගේ බර්ත් ඩේ පාර්ටි … read more

"රජිනි මහත්තයෝ, මම ලංකාවේ රංජන් – පවුලේ අයටත් එක්කයි මේ කියන්නේ" ඇමති රංජන්ගෙන් රජිනිකාන්ත්ට පණිවිඩයක් .!

සමාජ සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝවක් එක්කරමින් දකුණු ඉන්දීය නලු රජිනිකාන්ත්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එනම් නැවතත් පී.ඒ රංජිත් නැමැති අධ්‍යක්ෂකවරයාගේ චිත්‍රපට සදහා දායක නොවෙන ලෙසටයි. මෙම වීඩියෝව මගින් රංජන් රාමනායක රජිනිකාන්ත් මෙන්ම ඔහුගේ බිරිඳ, දියණිය අයිෂ්වර්යා … read more

නවසීලන්ත ගුවනේ අැසන ශ්‍රී ලාංකීය හඩ

ආයුබෝවන් ශ්‍රී ලංකා (Ayubowan Sri Lanka) ගුවන් විදුලි වැඩසටහන New Zealand OnAir සහයෝගයෙන් Free FM තුලින් වයිකාටෝ කලාපයේ ප්‍රචාරය කෙරෙන ශ්‍රී ලාංකීය – සිංහල වැඩසටහන යි. ප්‍රධාන වශයෙන්ම මෙම වැඩසටහන නවසීලන්තයේ හැමිල්ටන් නගරය ආශ්‍රිතව ජිවත් වන ශ්‍රී ලංකික සිංහල ජන … read more

“එදා අම්මා අසනීපෙන් කියන පණිවිඩය ආවා, මගේ ඔලුවේ වැඩ කළේ ඉක්මනින් අම්මව රෝහල් ගත කරන එක ගැන..” – දීපානි සිල්වා

“මේක මේ රංග ශිල්පිණියක් කර ගත්තු පළමු අනතුරද..”“මඩ ගැසීම තනිකරම දේශපාලන පළිගැනීමක් කියලයි මට හිතෙන්නේ..”“ඇතැම් අය කියලා තිබුණා මං බීමතින් හිටියා මා එතැනින් පලා ගියා කියලා ..” සිංහල ටෙලි තිරයේ නිර්ව්‍යාජ ගැමි චරිතය කව්වද කියලා ඇහුවොත් ඊට කදිම නිදසුන ලෙසින් … read more

ඩිල්ෂාන් එක්ක දෙවැනි ගමන යන්න අවුරුදු 12ක් බලාගෙන හිටියා

තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් රඟපෑමට එක්වූ ආරංචිය පසුගිය සතියේ අපි ඔබට කිව්වා. කලක් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ මංජුලා තිළිණි අපි අද මේ විදිහට කතාබහට එකතු කර ගත්තේ මතෛක් කල් කිසිවෙකුට නොකී තවත් … read more