Hot News

දැනට ඇති ආණ්ඩුවට බහුතරය නෑ

දැනට ඇති ආණ්ඩුවට බහුතරය නැති බව පෙනී යන්නේ යැයි කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කිරීමත් සමඟ ඇති වූ උණුසුම් තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තුව හෙට උදේ 10 දක්වා කල් තැබිණි.

එම් ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා ගෙන ආ යෝජනාවකට පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමක් පැවැති බවත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සභා මැදට පැමිණ කෑ කෝ ගැසූ බවත‍ෙ, ඉන් පසු ඡන්ද විමසීම පැවැති බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට පෙර අමාත්‍ය ඒ එච් එම් ෆවුසි , පියසේන ගමගේ සහ මනූෂ නානායක්කාර මහත්වරු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්හ.

ඡන්ද විමසන අවස්ථාවේ සෙන්කෝලය රැගෙන යෑමට ද මන්ත්‍රීවරු කිහිප දෙනෙකු උත්සාහ ගත් බව වාර්තාවේ.
දිනේෂ් ගුණවර්ධන මහතා කීවේ සභාවේ කටයුතු හරියට සිදු නොවූ බවයි

කතානායකවරයා පක්ෂපාතීව කටයුතු කළ බව ද ගුණවර්ධන මහතා කීවේය.

More from Hot News

දෙසැ. 18 වන තුරු ජනපතිගේ ගැසට්ටුව තාවකාලිකව අත්හිටුවයි

පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව මහමැතිවරණය පැවැත්වීම. තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ජනාධිපතිවරයාගේ ගැසට්ටුව අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් කිහිපයක් විභාගයට ගැනීමට අවසර දෙමිනි. අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ … read more

ශ්‍රීලනිප – එජනිස – පොදුජන පෙරමුණ එකතු වී ගොඩනැගූ සන්ධානය මෙන්න

ඉදිරි මහ මැතිවරණය සඳහා පුළුල් පෙරමුණකින් සහ නව ලකුණක් යටතේ තරග කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එකගතාවකට පැමිණ තිබෙනවා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ … read more

අගමැති ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරු විශාල පිරිසක් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගනී

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය අද (11) ලබා ගත්තා. අද පෙරවරු 11. 00 ට පමණ, විජේරාම නිල නිවසේදී ඔහු මෙම සාමාජිකත්වය ලබා ගත්තා. අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50ක් පමණද ශ්‍රී … read more

පාර්ලිමේන්තුව විසුරුවයි මැතිවරණය ජනවාරි 05

පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ(09) රාත්‍රීයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ නිකුත් කළේය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ (2)(ඇ) අනු ව්‍යවස්ථාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 වන ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාව … read more

පාවිච්චි කළේ එක තුරුම්පුවයි – තව රැසක් තිබෙනවා

තමා පාවිච්චි කළේ එක තුරුම්පුවක් පමණක් බවත් අවශ්‍ය වුවහොත් පාවිච්චි කිරීමට තවත් තුරුම්පු බොහෝමයක් තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (8) රාත්‍රී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවේදී හා සමස්ත ලංකා කාරක සභාවේදී ප්‍රකාශ කර ඇත. තමන් ගෙන … read more

අදත් අලුත් ඇමතිවරු දිවුරුම් දෙයි

නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙක් මිට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබේ. ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දී මොවුන් දිවුරුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ඒ අනුව, දිවුරුම් දුන් නව … read more

එජාපෙ සියලු දෙනා රැස් කර 14 වැනිදා බලය පෙන්වන හැටි සාකච්ඡා කරයි

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් ඊයේ (06) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ, පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට දිවයිනේ මැතිවරණ ආසන 165හේම සංවිධායකවරුන්ට සහ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පිරිසකට ද ආරාධනා කර තිබුණා. එහිදී ආණ්ඩුවට එරෙහිව ඉදිරියේදී … read more

එජාපයේ අලුත්ම සැළසුම අරන් රාජිත සහ ජෝන් ජනපති හමුවෙයි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමගි කිරීමේ. වෑයමක් දියත් වන බව මාධ්‍ය වෙත වාර්තා වුණා. ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ ජෝන් අමරතුංගයි. එහි එක් අදියරක් … read more

ජනපති අද කැබිනට්ටුව රැස් කරයි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (05) පෙරවරු 9.30ට කැබිනට් රැස්වීමක් කැඳවා තිබෙනවා. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මාධ්‍ය වෙත කියා සිටියේ එම කැබිනට් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බවයි. සාමාන්‍යයෙන් කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ අඟහරුවාදායි. හෙට (06) රජයේ නිවාඩු දිනයක් බැවින් කැබිනට් … read more