Ratawata

උසස් පෙළ විභාගය අතරතුරදී ශාලාධිපතිගෙන් සිසුවියන්ට බාධා

මේ දිනවල පැවැත්වෙන උසස් පෙල විභාගයට පෙනි සිටි හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක විභාගයට පෙනි සිටි සිසු සිසුවියන් විභාගය ලියමින් සිටින අවස්තාවේ එම ශාලාවට පත් කර සිටි අතිරේක ශාලාධිපතිවරයෙකුගෙන් බාධාවක් පැමිණ ඇති බව ශ්‍රි ලංකා ගුරු සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් මහතා චෝදනා කර සිටියි.

එම පාසලේ පළමු ශාලාවේ සිසු සිසුවියන් 159 දෙනෙකු ඊයේ (18) විභාගය ලියමින් සිටින අවස්තාවේ එම අතිරේක ශාලාධිපතිවරයා හදිසියේම සිසු සිසුවියන් කිහිප දෙනෙකු පරික්ෂාවට ලක් කිරිම නිසා සිසු සිසුවියන්ගේ උත්තර පත්තර ලිවිමේ කටයුතුවලට බාධාවක් වි ඇති බවත්, ඒ තුලින් සිසු සිසුවියන්ට මානසික පිඩාවක් ඇති වි ඇති බවත්, ජෝශප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේය.

විභාග ශාලාධිපතිවරයාට හෝ අතිරේක ශාලාධිපතිවරයාට සිසු සිසුවියන් එවැනි පරික්ෂාවට ලක් කල හැක්කේ විභාගය ආරම්භ විමට ප්‍රථම බව ජෝශප් ස්ටාලින් මහතා කියා සිටින්නේ.

විභාගයට පෙනි සිටි සිසු සිසුවියන්ට සිදු වුවායි කියන බාධා කිරිම සම්බන්ධයෙන් එම සිසු සිසුවියන්ගේ දෙමාපියන්ගේ විභාග කොමසාරි ජෙනරාල් වරයාට පැමිණිලිකර ඇත.

මෙම බාධා කිරිම සම්බන්ධයෙන් තම සංගමයටද ලද පැමිණිලි කිහිපයක් මත එම සිද්ධිය සම්බන්ධයෙන් තම සංගමයද විභාග කොමසාරි ජෙනරාල්වරයාට පැමිණිලි කල බවශ්‍රී ලංකා අධ්‍යාපන හා සමාජ සේවා සංගමයේ ලේකම් සංකර් මණිවන්නන් මහතාද පවසයි.

More from Ratawata

තහනම් පොලිතීන් වැටලීමට පොලිසියට බලය

තහනම් පොලිතීන් වර්ග නිෂ්පාදනය කරන සහ අලෙවි කරන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීමේ කටයුතු පොලීසියටත් පැවරීමට මධ්‍යම පරිසර අධිකාරිය සූදානම් වෙයි. මෙතෙක් එම වැටලීම් සිදුකරනු ලැබුයේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් වන අතර ඒ සඳහා පොලිසියේ සහය ලබා ගැනිණි. ඒ සඳහා … read more

ආණමඩුවේ හෝටලයකට මැර ප්‍රහාරයක්

ආණමඩුව – ආඩිගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය හෝටලයකට කඩා වැදී ඇති මැර පිරිසක් ප්‍රහාරයක් එල්ල කර ඇති බව ආණමඩුව පොලීසිය පවසයි. ඊයේ (18) වැනිදා රාත්‍රී 10.00 ට පමණ මෙම ප්‍රහාරය එල්ලවී ඇත. ප්‍රහාරයෙන් තම හෝටලයට රුපියල් ලක්ෂ 20 ක පමණ … read more

කාසල්රී වාන් දමයි

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග හැටන්, කාසල්රී ජලාශය ඊයේ (17දා) රාත්‍රී සිට වාන් දැමීම ආරම්භ කළ බව එම ජලාශය භාර ඉංජිනේරුවෝ පැවසූහ. ජලාශයේ පිහිටි වාන් කවුලු 12 න්ම අඟල් 06 ක පමණ ජල ප්‍රමාණයක් පිටාර ගැලීම සිදු කෙරේ. … read more

ව්‍යාජ මුදල් සමග දෙදෙනෙකු දැලේ

ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි තරුණයින් දෙදෙනෙකු ගලෙන්බිඳුණුවැව, රත්මල්වැටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ගලෙන්බිඳුණුවැව පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. එහිදී සැකකරුවන් සතුව තිබී ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු 70ක් පොලීසිය … read more

කැලණිය ඇතුළු අවට ප්‍රදේශ කිහිපයක පැය 18ක ජල කප්පාදුවක්

කැලණිය වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (17) පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව පෙරවරු 9 සිට හෙට (18) අලුයම 3 දක්වා මෙය ක්‍රියාත්ම වේ. මෙම ප්‍රදේශවලට ජලය සැපයෙන ප්‍රධාන ජල … read more

සෙවිලි තහඩුවක් කඩා වැටි හමුදා සෙබලෙක් මිය යයි

පාන්ගොල්ල යුධ හමුදා කඳවුර අසල පිහිටි රණවිරු ගම්මානයේ දී සිදුවූ අනතුරකින් යුධ හමුදා සෙබලෙකු මියගොස් ඇත. එම හමුදා සෙබලා ජල ටැංකියක් පවිත්‍ර කිරීම සඳහා වහලයක් මතට නැග ඇති අතර එහිදී වහලයේ සෙවිලි තහඩුවක් කඩා වැටීමෙන් අනතුරට ලක්ව ඇති බව පොලීසිය … read more

නිලූකාගේ වැඩ කුරේ බලයි

සබරගමු පළාත් වැඩබලන ආණ්ඩුකාරවර ලෙස රෙජිනොල්ඩ් කුරේ මහතා පත් කර තිබේ. සබරගමු පළාත් ආණ්ඩුකාරවර නිලූකා ඒකනායක මහත්මිය ඉතාලියේ රාජ්‍ය ත්‍රාන්ත්‍රික සංචාරයක් සඳහා දිවයිනෙන් බැහැර වීමට නියමිත අතර එම කාලය තුළ රෙජිනෝල්ඩ් කුරේ මහතා වැඩබලන ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කරනු ඇත. අගෝස්තු … read more

අවුරුදු 11ක දැරියක් වස පානය කර දිවි නසාගනියි

අගුණකොළපැලැස්සේ පදිංචිව සිටි අවුරුදු 11ක් වන දැරිවියක් වස පානය කර සිය දිවි නසාගෙන ඇතැයි පොලීසිය පවසයි. ඊයේ සවස මෙම සිදුවීම සිදුව තිබේ. වස පානය කිරීමට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැත. read more

යතුරුපැදි අනතුරකින් 2ක් මරුට

අධික වේගයෙන් ගමන් කර ඇති යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි කාන්තවගේ ගැටීමෙන් යතුරුපැදිකරු සහ කාන්තාව යන දෙදෙනාම මිය ගොස් ඇති බව මාදම්පේ පොලීසිය පවසයි. ඊයේ(16) රාත්‍රීයේ මාදම්පේ – කුලියාපිටිය මාර්ගයේ පැලවත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය සඳහන් … read more