Sports

ඇතැම් කරුණු විවෘතව කතා කල නොහැකීයි – ක්‍රීඩකයන් ගැන විශ්වාසය තබන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක උපුල් තරංග මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කෙරෙහි විශ්වාසය තබන ලෙස ඉල්ලා සිටියි.

ඔහු පවසන්නේ උපාය මාර්ගික හේතු මත ඇතැම් කරුණු විවෘතව කථා කළ නොහැකි වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කෙරෙහි විශ්වාසය තබන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවයි.

සෑම කණ්ඩායමක්ම පසුබෑම්වලට මුහුණදෙන බවත්, ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස අංශවලින් සිය බලපරාක්‍රමය දරා සිටි කණ්ඩායම දැන් මුහුණදෙන අමිහිරි තත්ත්වය හමුවේ එය අමතක නොකරන ලෙසත් උපුල් තරංග මහතා අදාළ නිවේදනය මඟින් ඉල්ලා තිබේ.

උපාය මාර්ගික හේතු මත ඇතැම් කරුණු විවෘතව කථා කළ නොහැකි බවද ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

නමුත් නිසැක වශයෙන්ම තිරය පිටුපස ප්‍රතිඵල දකිනවා කෙසේ වෙතත් එහි ධනාත්මක බලපෑම් මතුපිටින් පෙනීමට තව යම් කලක් ගතවිය හැකියි බවද ඔහු අදාළ නිවේදනයෙන් පවසා ඇත.

එමෙන්ම “මදක් ඉවසා සිටින්න. වැදගත්ම කරුණ වන්නේ අප කෙරෙහි විශ්වාසය තබන්න. නැගී සිටින්නට අපට ශක්තියක් වන්න’’ යනුවෙන් දක්වා තිබේ.

ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියට අදාළ ශ්‍රී ලංකා සංචිතය නම්කරමින් ඊට අදාළ මාධ්‍ය නිවේදනය සමඟින් ඔහු මෙම නිවේදනයද නිකුත් කර තිබුණි.

More from Sports

ලංකාවට දැවැන්ත පරාජයක්

ශ්‍රී ලංකා පිතිකරුවෝ නිරත වූ බාලාංශගත පිති ප්‍රහාරය හමුවේ පල්ලකැලේ පැවැති තෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ සම්පූර්ණ දින දෙකක්‌ ඉතිරිව තිබියදී ඊයේ (14 දා) තේපානයට පෙර ඉන්දියාව හමුවේ ඉනිමකින් සහ ලකුණු 171 ක දැවැන්ත පරාජයක්‌ වැළඳ ගත්තේය. එකම අර්ධ ශතකයක්‌ හෝ … read more

ක්‍රිකට් කණ්ඩායමේ තත්වය කණගාටුදායකයි – හෂාන්

ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් තත්ත්වය වේදනාවක් වුවත් ඉදිරියට යෑම එකම විකල්පය බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා පවසයි. පල්ලෙකැලේ පැවැත්වෙන ඉන්දු – ලංකා තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයෙන් පසුව මාධ්‍ය හමුව එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.එසේම … read more

නායකයෙකු ලෙස මම පරදින්න කැමති නෑ – චන්දිමාල්

ඉන්දියාව හා පැවැත්වෙන තරගාවලිය තවම අවසන් නොමැති බවත් තමන්ට නායකයෙකු ලෙස පරාජයවිය නොහැකි බවත් දිනේෂ් චන්දිමාල් පැවැසීය. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත තෙවැනි ටෙස්ට් තරගයට පෙරාතුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසීය. “ඒක අමාරු කාර්යයක්.” ඊයේ (11දා) චන්දිමාල් … read more

ශ්‍රී ලංකාවේ ප්‍රධානම තුරුම්පුව ‘මීළඟ ටෙස්ට් තරගයෙන්’ ඉවතට ?

පල්ලෙකැලේ පැවැත්වෙන ඉන්දියා ශ්‍රී ලංකා ටෙස්ට් තරගයට රංගන හේරත්ගේ සහභාගිත්වය අවිනිශ්චිත වී ඇති බව වාර්තා වනවා. ඒ ඔහු ආබාධයකට ලක්වීම නිසායි. තුන්වන ටෙස්ට් තරගය 12 වැනිදා ආරම්භ වීමට නියමිතයි. read more

ලංකාව හා පාකිස්තානය අතර දිවා රාත්‍රී ටෙස්ට් තරගයක්

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ඩුබායිහි පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ එක් තරගයක් දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වීමට දෙරටේ ක්‍රිකට් ආයතන එකඟ වී ඇත. ශ්‍රී ලංකාව මේ දක්වා දිවා රාත්‍රී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර නොමැති අතර පාකිස්තානය දිවා … read more

පන්දුව පළුඳු කළ ජඩේජාට පල්ලෙකැලේ ටෙස්ට් තරගය තහනම්

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේදි  පැවැත්වීමට නියමිත තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට අහිමිවි ඇත. ඒ ඊයේ (06දා) නිමාවූ දෙවැනි ටෙස්ට් තරගයේදී ඔහු පන්දුව පළුදු කිරිමේ චෝදනාවට වැරදිකරු වි ඇති … read more

ගුරුසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන් ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස් වූ බවට පළ වන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ පවසනවා. නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන් තවදුරටත් එම කමිටුවේ සිටින බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද මේ … read more

ඉණිමයි ලකුණු 53යි.. ඉන්දියාව ලංකාව දණ ගස්වයි

ශ්‍රී ලංකා කණ්ඩායම සමග එස් එස් සී පිටියේ පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉණිමක සහ ලකුණු 53ක ජයක් වාර්තා ඉන්දීය කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා. ඒ අනුව තරග 03කින් සමන්විත මෙම ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබියදී … read more

ඉනිමක පරාජයෙන් බේරෙන්න නම් අද 230ක ඉලක්කයක්

ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දී ඉණිමක පරාජයෙන් බේරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට තියුුණු සටනක නිරත වී සිටිනවා. ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉණිම ආරම්භ කළේ ඉන්දියාවට වඩා ලකුණු 439ක් පිටුපසින් සිටිමින්. ඊයේ තරගය නතර කරන විට ඔවුන් … read more